Post Reply 
 
Thread Rating:
  • 0 Votes - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
දන්නේ කොහොමද ?
Author Message
deneth Offline
Member
***

Posts: 101
Joined: Nov 2009
Post: #1
Sad දන්නේ කොහොමද ?
අශවයන් ඇති කිරීම විනෝදාංශය කරගත් එක් ධනවත් පුද්ගලයෙක් ඉතා අධික වටිනාකමකින් යුත් අශ්වයෙක් මිලදී ගත්තේය. අශ්වයා තමන්ගේ ගාලෙහි ගාල් කළ ඔහුට, අශ්වයාගේ ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි විය. ඒ නිසාම ආරක්ෂක සේවා සපයන ආයතනයක කථා කර ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නියාමකයෙක් සේවයේ යොදවා ගත්තේය. එදින රාත්‍රියේ අශ්වයා ගැන මහත් උද්දාමයෙන් සිටි ඔහුට ආරක්ෂාවට ගත් තැනැත්තා පරීක්ෂා කර බැලීමට සිත්වී අශ්ව ගාල වෙත පිය මැන්නේය.

මහත් සතුටකි. ඔහු අවදියෙනි. හිස්වූ සිතිවිල්ලෙන් නිදිවරන ඔහුට නින්ද යා හැකි බැවින් ධනවත් පුද්ගලයා ඔහුට මෙසේ පැවසීය.
"මේ ඕයි ! තමුසෙ මොනව ගැනද කල්පනා කරන්නේ??"
නියාමකයා - "මොකවත් නෑ ස.. ර්..."
"එහෙම ඉන්න එපා අයිසේ! තමුසෙට නින්ද යයි. කල්පනා කරන්න දේවල්ද නැත්තේ. බලනවකො කල්පනා කරලා අහසට තරු ආවේ කොහොමද කියලා."
නියාමකයා - හොඳමයි ස.. ර්.

එසේ පැවසූ ඔහු නිවස කරා ගොස්, මධ්‍යම රාත්‍රියේදී අවදිවී ආරක්ෂක නියාමකයා පරීක්ෂා කිරීමට නැවතත් ගාල වෙත පැමිණෙයි.

මහත් සතුටකි. ඔහු අවදියෙනි.
"මොනවද තමුසේ කල්පනා කරන්නේ අහසේ තරු ගැනද ?"
නියාමකයා - "ඒකනේ ස.. ර්.. මමත් කල්පනා කලේ"
"එකක් ගැනම හිතන්න එපා යෝදයෝ තමුන්ට නින්ද යයි. හිතනවකෝ වෙන දෙයක් ගැනත්. දැන් බලනව, මුහුදට ලුණු රස අවේ කොහොමද කියලා. හිතනවකෝ ඒ වගේ දෙයක් ගැනත්"

නැවතත් නිවසට ගිය ඔහු ආපසු ආවේ උදෑසනය

මහත් සතුටකි. ආරක්ෂකයා කමුලේ දෙඅත් ගසාගෙන කල්පනා කරමින් සිටී.
"තමුසේ මොනව ගැනද හිතන්නේ ? අහසේ තරු ගැනද ? එහෙමත් නැත්නම් මුහුදේ ලුණු රස ගැනද ?"

නියාමකයා - ස...ර්... මගුලක් කථා කරනවා මම මේ හිතන්නේ අශ්වයා පැනල ගියාද? හොරු ගෙනිච්චද කියලා.
Angel

- පුවත් පතක් ඇසුරෙනි -[/size]
11-20-2009 03:49 PM
Find all posts by this user Quote this message in a reply
Post Reply 


Forum Jump: