Search
Member List
Calendar
Help
Current time:
09-09-2010, 10:17 PM
Hello There, Guest! (
Login
—
Register
)
Srilanka Jokes - Entertainment and Fun Forum
/
Rasa Katha - Sri Lanka Humour and Funny Stories
/
Rasa Katha - Sri Lanka Humour and Funny Stories
/
එහෙම උනානම් !
Thread Rating:
0 Votes - 0 Average
1
2
3
4
5
Threaded Mode
|
Linear Mode
එහෙම උනානම් !
Author
Message
deneth
Member
Posts: 101
Joined: Nov 2009
Post:
#1
එහෙම උනානම් !
පල්ලියට එන ප්‍රභූන්ගේ අශ්වයන් ගාලෙන් බැඳීම, පැමිණෙන පුද්ගලයන්ට උදව් උපකාර කිරීම වැනි කාර්යයන්හි නියැලී සිටි එම ප්‍රසන්න පුද්ගලයාට දෛනිකව ලැබුනේ ඉතා සුළු දීමනාවකි. ඔහුගේ වැඩ සහ හැසිරීම ගැන සැලකිලිමත්වු පල්ලියේ ස්වාමිවරයා ඔහු ස්ථිර සේවයේ යොදා ගැනීමටයි සිතා, අධ්‍යාපන සහතික සහ අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස ඔහුට දැන්වීය.
අධ්‍යාපන සහතික පරීක්ෂා කිරීමේදී හැඟී ගියේ ඔහු ගණිතය විෂයය සාමාර්ථය නොලබා ඇති බවයි. ඉතා කණගාටුවට පත් ස්වාමි ඔහුගේ සේවය අත්හිටුවීමටත් නවක සේවකයෙක් ස්ථිරව සේවයට බඳවා ගැනීමටත් කටයුතු කරන බව ඔහුට දන්වා, මෙතෙක් ගෙවීමට තිබූ වැටුප් ගෙවා දැමීය.
කාලයක් ඉතා උනන්දුවෙන් හා ආශාවෙන් ඉටුකල සේවය නැතිවීයාමෙන් දැඩි හිත් කම්පාවට පත්වී පල්ලිය අසල ගැවසෙමින් සිටි ඔහුට සුරුට්ටුවක් බීමේ දැඩි උවමනාවක් මතුවිය. ඔහුගේ අවශ්‍යතාවය ඉටුකරගැනීමට සෑහෙන දුරක් පයින් යාමට ඔහුට සිදුවිය. ඈතින් පිහිටි කඩයකට ගොඩවී සුරුට්ටුවක් පත්තුකරගත් ඔහුට කදිම අදහසක් පහලවිය. අතට ලැබුණු සියළු මුදල්වලින් සුරුට්ටු මිලදී ගත් ඔහු පල්ලියට යන එන අයට ඒවා විකිණීමට පටන් ගති. සුළු ලාභයක් තබාගෙන පටන්ගත් එම ව්‍යාපාරය කාලයාගේ ඇවෑමෙන් නගරයටත් අවට ගම් දනව් කරාත් ව්‍යාප්තව ගියේ ඔහුටත් නොදැනුවත්වමය. ගණන් හිලව් ගැන කිසිත් නොදත් ඔහු ඒ සඳහා සේවකයන් පත්කරන්නටත් ව්‍යාපාරය නගා සිටුවන්නටත් මහත් වෙහෙසත් ගති.
දිනක් ඔහු ගනුදෙනු කරන බැංකුවේ කළමණාකරු ඔහු හමුවීමට පැමිණ .......
කළමණාකරු - “මම ඔබතුමාව හමුවෙන්නට ආවේ ඉතා වැදගත් කාරණාවකට”. “දැන් ඔබගේ ගිණුමේ ඉතා විශාල මුදලක් එකතුවී තිබෙනවා. එයින් යම් ආයෝජනයක් කරන්න කියා මා ඔබ දැනුවත් කරන්නයි මෙහි පැමිනියේ.” මට කියන්න ඔබතුමා මෙතරම් ධනයක් එක්රැස් කරන්න හැකිවීමේ රහස?
සුරුට්ටු මුදලාලි - මොන රහසක්ද මහත්තයෝ........ මම ගණිතයවත් පාස් නැති මිනිහෙක්.
කළමණාකරු - මොනවා ! විශ්වාස කරන්නත් අමාරුයි. ඔබ ගණිතය එහෙම පාස්වෙලා හිටියානම් ....
සුරුට්ටු මුදලාලි - එහෙනම් මහත්තයෝ... මෙලහට මම පල්ලියේ අප්පු.
- පුවත් පතක් ඇසුරෙනි -
11-19-2009 02:51 PM
«
Next Oldest
|
Next Newest
»
View a Printable Version
Send this Thread to a Friend
Subscribe to this thread
Forum Jump:
Please select one:
--------------------
Private Messages
User Control Panel
Who's Online
Search
Forum Home
Srilanka Sinhala Jokes
-- Srilanka Jokes Fun Forum
Amdon's joke stories-Sri Lanka Jokes
-- Amdon's joke stories-Sri Lanka Jokes
Only Funny Pictures - Srilanka Jokes
-- Only Funny Pics- Enjoy funny Pictures
Fun SMS - Sinhala and English Fun SMS
-- Fun SMS - Sinhala and English Fun SMS
English Jokes Stories
-- English Jokes Stories
Rasa Katha - Sri Lanka Humour and Funny Stories
-- Rasa Katha - Sri Lanka Humour and Funny Stories
Fun Sinhala Audio Clips , Sinhala Jokes & Fun Dialogues
-- Fun Sinhala Audio Clips , Sinhala Jokes & Fun Dialogues
Fun Ringtones - Fun Sinhala Ringtones
-- Fun Ringtones - Fun Sinhala Ringtones
Funny Videos, FuFunny Videos Collection of Funny Video Clips and Funny Movie
-- Funny Videos Collection of Funny Video Clips and Funny Movie
English (American)
Contact Us
|
Srilanka Jokes
|
Return to Top
|
Return to Content
|
Lite (Archive) Mode
|
RSS Syndication
Srilanka Jokes
, © 2008-2010
Srilanka jokes Fun Forum
Powered By
MyBB
, © 2002-2010
MyBB Group
.